ලක්ෂ 10ක දුම්වැටි සහ කරදමුංගු රේගුවෙන් අල්ලයි


ටී.කේ.ජී.කපිල   
 
නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ දුම්වැටි සහ කරදමුංගු තොගයක් සමඟ යුවළක් සැකපිට අත්අඩංගුවට ගත් බව   රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .  
 
දුම්වැටි 28,160ක් සහ කරදමුංගු කිලෝ ග්‍රෑම් 30ක්  ගමන් මලුවල සඟවා ගෙන සිටියදී මෙසේ රේගු නිලධාරීන් සොයාගෙන තිබේ.
   
ඒවායේ වටිනාකම රුපියල් 1,020,600 ක් බව රේගුව කියයි. 
 
සැකකරුවන් දෙදෙනාට රේගුවෙන් රුපියල් 150,000 ක දඩ මුදලක් නියම කර ඇත.