(ඉන්දිකා රාමනායක)
කොළඹ කෙසෙල්වත්ත ප‍්‍රදේශයේ නිවසකින් රුපියල් ලක්ෂ 10 ට ආසන්න කේරළ ගංජා තොගයක් සමඟ පුද්ගලයෙක් පිටකොටුව පොලිස් දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (14) අත්අඩංගුවට ගනු ලැබිණි.
කෙසෙල්වත්ත පදිංචි පුද්ගලයකුගේ නිවසේ ගංජා තොගයක් ඇති බවට පොලිස් නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත පොලිස් නිලධරීන් කණ්ඩායමක් එම නිවස වැටලීමට යමින් සිටියදී සැකකරු මෙම ගංජා තොගය පාර්සලයක ඔතා පිටතට රැගෙන යමින් සිටි බවද පොලිසිය පවසයි.
සැකකරු සතුව තිබී සොයා ගන්නා ලද ගංජා තොගය කිලෝ 7 ට අධික වේ. අත්අඩංගුවට ගත් සැකකරු කෙසෙල්වත්ත කේන්ද්‍රකරගෙන මහපරිමානයෙන් ගංජා ජාවාරමේ නිරත වන්නෙක් බවද පොලසිය කියයි.

