පොළොන්නරුව ගල්ලෑල්ලේ මිල්කෝ කිරි කම්හලේ කිරි ලීටර් 6000කට රසායනයක් මිශ්‍ර වීමෙන් පාවිච්චියට ගත නොහැකි වී ඇතැයි එහි සේවකයෝ කියති.
කිරි තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 10ක් බවද ඔවුහු පවසති.
මිල්කෝ සාමාන්‍යාධිකාරී සුදත් මුණසිංහ මහතා පැවසූයේ එවැනි සිද්ධියක් ගැන පරීක්ෂණයක් පවත්වන බවයි. එම කිරි ඉවත් කරන බවද ඔහු කියයි.

