(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ දී රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනා මත්කුඩු සමඟ අඹු සැමි යුවළක් හා තරුණයෙක් අද (25) අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.
එම පුද්ගලයන් සසන්තකයේ මත්කුඩු ග්‍රෑම් 70 කට ආසන්න ප්‍රමාණයක් තිබී සොයා ගත් බව පොලිසිය සඳහන් කරයි.
ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් රාවතාවත්ත ප්‍රදේශයේ රැඳී සිටි පුද්ගලයකු පිළිබඳ පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ මත්කුඩු මිලි ග්‍රෑම් 530 ක් තිබී හමුවීමෙන් පසු සිදුකළ ප්‍රශ්න කිරීමේ දී සැකකාර කාන්තාව සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් 69 මිලිග්‍රෑම් 500 ක් සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය සඳහන් කරයි.
මෙම සැකකාර කාන්තාවගේ සැමියා සන්තකයේ මත් කුඩු මිලිග්‍රෑම් 530 ක්ද තිබූ බව පොලිසිය පැවසීය.
සැකකරුවන් තිදෙනා වයස අවුරුදු 42 සහ 20 පසුවන්නන් බව පොලිසිය කීය.

