ලක්විරුවෝ ලන්ඩනයේ දී සැමරෙති


ශ්‍රී ලංකාවටත්, ශ්‍රී ලංකාවාසී සියලුම දෙනාටත්, ත්‍රිවිධ හමුදාවට, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බළකායටත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටත් සෙත් පතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා බ්‍රිතාන්‍ය ශාඛාව, ජාතික නිදහස් පෙරමුණේ මහා බ්‍රිතාන්‍ය ශාඛාව සහ ජාත්‍යන්තර ශ්‍රී ලංකීය බළ මුළුව එක්ව සංවිධානය කළ බෝධි පුජාමය පින්කමක් ජුලි 5 වන ඉරුදින ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක අග්ග මහා පණ්ඩිත ගලයායේ පියදස්සි නාහිමියන් ප්‍රධාන විහාරවාසී මහා සංඝරත්නය සහභාගිවූ මෙම පින්කමේදී ශ්‍රී ලංකාවේ ඒකීයත්වය සහ භෞමික අඛණ්ඩතාවය රැකගැනීම සදහා දිවි පිදු සහ විරෝධාර රණවිරුවන්හට පින් පැමිණ වීමද සිදුවිය.

SLFP3[1] SLFP4[1] 11705169_942095225847578_5043483252127021495_n[1] SLFP_1[1]