ලක් සරණාගතයින් මුදන්න ඉල්ලූ පිරිස අත් අඩංගුවට


වසර 20කට අධික කාලයක් තමිල්නාඩුවේ සරණාගත කඳවුරුවල විශේෂිත රැඳවුම් බාරයේ සිටින ශ්‍රී ලාංකික සරණාගතයින් මුදා හරින්නැයි ඉන්දීය මධ්‍යම රජයට බල කරමින් චෙන්නායි නුවරදී විරෝධතා උද්ඝෝෂණ පැවැත්වූ විරෝධතාකරුවන් 73 දෙනකු තමිල්නාඩු පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව ‘ ද හින්දු’ පුවත්පත් වෙබ් අඩවිය ඊයේ (12) වාර්තා කළේය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තමිල්නාඩුවේ කොටි හිතවාදී නාම් තමිලර් පක්ෂයේ ක‍්‍රියාකාරීන් 65 දෙනකු හා සමාජවාදී ප‍්‍රජාතනත‍්‍රවාදී පක්ෂ ක‍්‍රියාකාරීන් 8 දෙනෙකි.