ඉතාලියේ පවියා නගරයේ ලාංකික ව්‍යාපාරික නාමල් තිමති ට (40) විරුද්ධව ලාංකික කාන්තාවක (30) විසින් පැවැරුණු නඩුවකින් පවීයා අධිකරණය ලාංකිකයා නිදහස් කළේය.
2010 නොවැම්බර් මාසයේ දී පවීයා නගරයේ පීත්සා ආපනශාලාවක රැකියාවක් සහ ලාංකිකයාගේ නිවසේ නතරවීමට අවස්ථාව සලසා දෙන බව කියමින් ඔහු තමා නිවසේ සිරකරගෙන කිපවරක් බලහත්කාරකම් කළ බව ඇගේ පැමිණිල්ලේ සඳහන් විය.
පසුව තමා එම ස්ථානයෙන් පැනගිය බවත් ඇය කියා ඇත. ලාංකිකයාට අවම වශයෙන් වසර අටක සිරඳඩුවමක් නියමකරන මෙන් ඉල්ලා සිටියත් ,අධිකරණය සමික්ෂණ වාර්තාව සහ සාක්කි නොගැලපීම මත අධිකරණය , ලාංකික ව්‍යාපාරිකයා නිදහස් කළේය.
ලාංකිකයාගේ නීතීඥයා පැවසුයේ තීන්දුව ගැන ඔවුන් සෑහිමකට පත්වන බවයි යුක්තිය සහ සාධාරණත්වය ජයගත් බවත් ඔවුහු කීහ.

