ලක් පුතෙක් ලොකු බැංකුවක මුල් පුටුවේ
ලොව පුරාම ව්‍යාප්තව ඇති ඇමරිකාවේ විශාලතම බැංකුව වන ඇමරිකා සිටි බැංකුවේ උපදේශක ජනරාල් වරයා සහ සම ලේකම් ධූරයට ශ්‍රී ලාංකික නීතීඥ රොහාන් වීරසිංහ මහතා පත්ව ඇත.
මෙහි ශාඛා 16,000 ක් රටවල් 160 ක ව්‍යාප්තව ඇති අතර බැංකුව හා සම්බන්ධ ගනුදෙනුකරුවන් සංඛ්‍යාව කෝටි 20 කි. එහි සේවකයන් 260,000 වැඩිපිරිසක් සිටිති. ඇමරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයෙන් 1972 දී උපාධිය ලබා ඇති වීරසිංහ මහතා 1977 දී ව්‍යාපාර පරිපාලනවේදී උපාධිය ලබා ඇත.

