ලක් නිදහස ලන්ඩනයේ සැමරේ


ශ්‍රී ලංකා නිදහස් උළෙල ලන්ඩනයේ අතුල දස්සන බහු සංස්කෘතික ප්‍රජා මධ්‍යස්ථානයේ දී පසුගිය පළමු වැනිදා පැවැත්විණි.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් ප්‍රධාන ආරාධිතයා විය.

අතුල දස්සන මධ්‍යස්ථානයේ සභාපති වඳුරඹ කස්සප හිමියෝ මේ උත්සවය සංවිධානය කළහ.

ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික සංස්කෘතික සංදර්ශනයක් ද පැවැත්විණි.