ලක් තානාපති දඹුලුත් ගිහින් තලගොයිත් මරා ගමත් කයි


යුරෝපා හවුලේ රටක අගනුවරක ශ්‍රී ලංකා තානාපති ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට ලොකු කැපවීමකින් දිරිදෙයි. කඳුකරයේ ඔහුගේ හෝටලයට මුලුතැන්ගෙයි භාණ්ඩ මිලට ගැනීමට වෙහෙසෙයි.

මිලට ගන්නා භාණ්ඩ නැව්ගත කිරීමටද ඔහුට සිදුවී ඇත. ඔහුගේ සංචාරක ප්‍රවර්ධනය එපමණක් නොවේ. පරාදීසයේ දූපතක පාවී තිබුණු මුදලේ සැබෑ වටිනාකම ලබාගැනීමට නම් අසවල් හෝටලයේ නවාතැන් ගන්නැයි ඔහු කියයි. ඒ හෝටලයේ අයිතිකරු ඔහුය.