ලක් ජනපති චීනයට යයි


සිව් නිල සංචාරයක්   සඳහා    ජනපති   මෛත්‍රිපාල සරිසේන  බදාදා (25) පස්වරුවේ   චිනයේ   බිජිං නුවරට ළඟා වීමට   නියමිතය.

චීනයේ    බිජං නුවර   ජාත්‍යන්තර  ගුවන්  තොටුපොළේදි  එහි  නියෝජ්‍ය   විදේශ  කටයුතු   ඇමැතිවරයා   ඇතුළු  චින රජයේ   නියෝජිතයන්   ශ්‍රි ලංකා   ජනාධිපති පිළිගැනීමට නියමිතය.

චීන  ජනපති   ෂි  ජින් පින්ගේ     ආරාධනාවකට  අනුව  චීනයට  පැමිණෙන ජනපති    සිරිසේන     පිළි ගැනිමේ  නිල උත්සවය  එරට විශේෂ  රාජ්‍ය   අමුත්තන්  පිළිගනු   ලබන  චීන  මහජන  ශාලාවේදි  බ්‍රහස්පතින්දා   (26) පැවැත්වේ.

චින  ජනපති   පි ජින්  පින්   සහ   ජනාධිපති     සිරිසේන    අතර    විශේෂ   හමුව   බ්‍රහස්පතින්දා  (26) පෙරවරුවේ  බිජිං  නුවර පිහිටි ජනපති   කාර්යාලයේ   පැවැත්වෙන අතර    එහිදි   දෙරට  අතර   ද්විපාක්ෂික  ආර්ථික  සංස්කෘතික  ගිවිසුම්  කිහිපයකට අත්සන්   තැබිමට   නියමිතය.  

ඉන්  අනතුරුව ජනාධිපති  සිරිසේන ඇතුළු  පිරිස හා  චින   මහජන   ජාතික  කෞතුකාගාරයේ  විධායක  කමිටු   සභාපති  සැන්ග්  ෂෙජිලන්        අතර         විශේෂ සාකච්ඡාවක්  පැවැත්වේ.

මෙම සංචාරයට ජනාධිපතිවරයා  සමඟ  ජනපති   බිරිඳ   ජයන්ති   සිරිසේන ,  අමාත්‍යවරුන්  වන  මංගල සමරවිර, පාඨලි  චම්පික රණවක,  දොස්තර  රාජිත  සේනාරත්න  , රවි  කරුණානායක , රාවුෆ් හකිම්, විජයදාස රාජපක්ෂ, නියෝජ්‍ය  නියෝජ්‍ය අමාත්‍ය ජගත්   පුෂ්පකුමාර සහ ෆිල්ඩ්  මාර්ෂල්   සරත් ෆොන්සේකා මහත්වරුන් ද සහභාගී වීමට නියමිතය.