ලොව පුරා කාන්තාවන්ගේ ගැටලූ පිළිබඳ වන ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ තානාපතිනි කැත්රින් රසල් දෙදින නිල සංචාරයක් සඳහා අද (28) දිවයිනට පැමිණියාය.
ශ්‍රී ලංකා සංචාරයේදී ඇය රජයේ ඉහළ පෙළේ නිලධාරීන් හමුවී ද්විපාර්ශික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව කියයි.
රසල් මහත්මිය මෙරට සිවිල් සංවිධාන නියෝජිතයින් ,ආගමික නායකයින්ද හමුවී මෙරට කාන්තාවන් මුහුණ දෙන ගැටලූ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටද බලාපොරොත්තු වන බව එම නිවේදනයේ සඳහන් වේ.
ලිංගිකත්වය මත පදනම් වූ ප‍්‍රචණ්ඩත්වය ,කාන්තා ආර්ථිකය සවිබල ගැන්වීම ,සාමය හා ආරක්ෂාව ඇතුළත් කාන්තා ගැටලූ පිළිබඳ අදාළ සාකච්ඡා වලදී අවධානය යොමු කිරීමට රසල් කටයුතු කරනු ඇතැයි එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.

