ලක් කණ්ඩායම ත්‍රෝ බෝල් අවසන් තරගයට


ඉන්දියාවේ බැංගලෝර නුවර පැවැත්වෙන  පෙන්ටගියුලර් චැම්පියන් ෂිප් -2015 ත්‍රෝ බෝල් තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රි ලංකාව තරගාවලියේ පළමු වටයේ ප්‍රථම තරගය ඉන්දියාව පරදා 3 ට 0 ලෙස ජය ගත්තේය.

ඉන් අනතුරුව ශ්‍රි ලංකාව හා මැලේසියාව අතර තරගයෙන් 3 ට 0 ක් ලෙස මැලේසියාව පරදා ශ්‍රි ලංකා කණ්ඩායම ජය ලැබීය.

අවසන් මහා තරගය ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වීමට නියමිතය.

ගියවර තරගාවලිය ඉන්දියාව ජයග්‍රහණය කළේය.

web1 web2