ලක් ඉන්ජිනේරුවා ‘පෝරකෙන්‘ බේරී එයි


නයිජීරියාවේ කප්පම්කරුවන් පිරිසක් විසින් පැහැරගෙන ගොස් මහා වනාන්තරය මැද දින නවයක් රඳවා ගැනීමෙන් පසු නිදහස් කළ ලාංකික ඉංජිනේරුවකු වන ඩි. ඒ. කරුණාදාස මහතා මින් මද වේලාවකට පෙර කටුනායකින් දිවයිනට පැමිණියේය.

හරියට පෝරකයෙන් බේරුනා වගේ යැයි ඉංජිනේරුවා කීවේය.

ප්‍රශ්නය - ඔබ අයිත් රට යනවා ද?

පිළිතුර - ගෙදර අය කැමැති නම් යනවා.

බිරිය යසවතී මහත්මිය - මහත්තයාට ආයෙත් නම් රට යන්න දෙන්නේ නෑ.

කරුණාදාස මහතා පැවසුවේ තමා සර්පයන්ගෙන් බේරුණේ කප්පම්කරුවන් සර්පයන් මරාගෙන කෑ නිසා බවයි.

‘ඒ කෑම මටත් දුන්නා. මම උවුන්ට කීවා මට පානුයි බිත්තරයි දෙන්න කියලා. ඉන් පසු මට පානුයි බිත්තරයි ලැබුණා. ‘ පැහැර ගත් දිනයේ අත්දැකීම් විස්තර කරමින් ඔහු කීවේය.

‘මගේ ආරක්ෂාවට ගිය පොලිස් නිලධාරියාටත් රියදුරාටත් වෙඩි වැදුණා. එතැන තුවක්කුකරුවන් හතර දෙනෙක් හිටියා. මට මතක එපමණයි. පියවි සිහියෙන් දැක්කේ එපමණයි. ඔවුන් පොලිස් නිලධාරයා මරා රියදුරාට වෙඩි තබා මා පැහැරගෙන ගිය බව දැනගත්තේ පසුවයි.‘

1(2) 2(2) 4(1) 5(3) 6