ලක් අවුරුද්ද චීනයෙත් සාරයි


චීනයේ බීජිං අගනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රෙය්දී අලුත් අවුරුදු උත්සවය අද (15) පැවැත්විණි. ලිපි ගිනි මෙලවීම, ආහාර පිසීම හා අනුභවය ඇතුළු අවුරුදු චාරිත්‍ර මෙන්ම සම්ප්‍රදායික අවුරුදු කෙළි සෙල්ලම් ද එහි විය. එරට සිටින ශ්‍රී ලාංකිකයෝත්, චීන ජාතිකයෝත් තානාපති නිලධරයෝත් ඊට එක්වූහ. දෙරට අතර නිරන්තර මිත්‍රත්වයක් පවතින බවත් පළුදු නොවූ ද්විපාර්ශ්වික සබදතා ඇති බවත් තානාපති රංජිත් උයන්ගොඩ මහතා ප්‍රකාශ කළේය.