ලක් දූ පුත්තු ඉතාලියේ බැබැලෙති


ඉතාලියේ වැනෙතෝ පළාතේ ව්‍යාපාර කළමනාකරණය හැදෑරු අවසන් වසරේ විශ්ව විද්‍යාල සිසුන් අතරින් වැඩිම ලකුණු ගනිමින් තම උපාධිය ඉහළින්ම සමත්වීමට ගෙවින් නිර්මාල් ඇඹුල්දෙණිය (23) සිසුවා සමත්විය. ඔහු වෙරෝනා විශ්ව විද්‍යාලයයේත් ව්‍යාපාර කළමනාකරණය හැදෑරිය. ගම්පහ සිරි කුරුස විද්‍යාලයෙන් පහ වසර තෙක් අධ්‍යාපනය ලබා ඉතාලියට පැමිණ එතැන් සිට ඉතාලි භාෂාවෙන් අධ්‍යාපනය හදාරමින් ඉතාලි සිසුන් ද පරදවා ගෙවීන් නිර්මාල් ලැබූ මෙම ජයග‍්‍රහණය ඉතාලි මාධ්‍ය මහත් ඉහළින් වර්ණනා කරයි. ඔහුගේ එකම සහෝදරිය යොනාලි ඇඹුල්දෙණිය ත්‍රේන්තෝ විශ්ව විද්‍යාලයයේ සමාජ විද්‍යාව හදාරයි. ගෙවීන්ගේ ඥාති සොහොයුරා (මවගේ නංගිගේ පුතා) වන ස්ටීවන් ඩිරෝස් (19) ද අති දක්‍ෂ සිසුවෙකි. ඔහු උසස් පෙළ ඉහළින්ම සමත්ව ත්‍රේන්තෝ විශ්වවිද්‍යාලයයේ ඉංජිනේරු පිඨයට ඇතුළත් විය. එම සරසවියට සිසුන් ඇතුළත් කර ගැනීමට අපේ‍්‍රල් මැද පැවැති කඩඉම් විභාගයෙන් සිසුන් දෙදහසක් අතරින් ප‍්‍රථමයා බවට පත් වුයේ ඩිරෝස්ය. ස්ටීවන් ඩිරෝස්