ලක් - සර්බියා නව ගුවන් සේවා ගිවිසුමක්


( තිළිණි ද සිල්වා )
 
ශ්‍රී ලංකාව සහ සර්බියාව අතර නව ගුවන් සේවා ගිවිසුමකට අත්සන් තැබූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. 

රටවල් දෙක අතර කෙරෙන සංචාරක කටයුතු ඉහළ නැංවීමේ විශේෂ අරමුණන් යුතුව රජය මෙම ගිවිසුමට අත්සන් කළ බවද එම අමාත්‍යාංශය කියා සිටී.

සර්බියානු ජනරජයේ  නියෝජ්‍ය අග‍්‍රාමාත්‍ය  හා විදේශ කටයුතු අමාත්‍ය ‘ඉවිකා දාචිච්‘ මහතාගේ දෙදින ශ්‍රී ලංකා නිල සංචාරය අතරතුරදී මෙම ගිවිසුමට එළැඹි බවද විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.

එහිදී මෙරට රජය වෙනුවෙන් ප‍්‍රවාහන හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාද සර්බියාව වෙනුවෙන් අමාත්‍ය  ඉවිකා දාචිච් මහතාද එම ගිවිසුමට අත්සන් තැබූහ.

සර්බියා නියෝජ්‍ය අග‍්‍රාමාත්‍යවරයා ගේ මෙම ශ්‍රී ලංකා සංචාරයේදී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහකතානායක කරු ජයසූරියවිදේශ කටයුතු අමාත්‍ය  තිලක් මාරපන මහත්වරුන් හමුවී සාකච්ඡා පැවැත්වීය.

සර්බියානු විදේශ කටයුතු අමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා අතර සාකච්ඡාවේදී ආයෝජන අවස්ථා ,කෘෂිකාර්මිකආහාර සැකසුම්හා ඉදිකිරීම් ක්ෂේත‍්‍රවල මෙරට පවතින ආයෝජන අවස්ථාවන් , අධ්‍යාපන ක‍්‍රීඩාප‍්‍රවාහනහා සංචාරක ක්ෂේත‍්‍රවල සහයෝගීතාව වැඩිදියුණු කිරීම යනු කරුණු ගැනද වැඩි අවධානයක් යොමු වී ඇත.

තවද ලංකාව සහ සර්බියාව හා ශ්‍රී ලංකාව අතර ඇති වීසා ලබාගැනීමේ ක‍්‍රමයය වඩාත් ලිහිල් කිරීම පිළිබඳව ව්‍යුහාත්මක ආකාරයෙන් සොයා බැලීමට දෙරටේ විදේශ අමාත්‍යාංශ අතර කෙරෙන උපදේශනවල දෙවැනිවටය හැකි ඉක්මනින් පැවැත්වීමට අමාත්‍ය දෙපළ එකඟ වූ බවද විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.