ලංවීම සේවකයෝ වැඩ බිම් වල කළු කොඩි ඔසවති


නිමල කොඩිතුවක්කු

ලංකා විදුලි බල මණ්ඩලයේ  ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් ඇතුලූ වෘත්තීය සමිති  නායකයින් හයදෙනෙකුගේ සේවය අත්හිටුවීමට එරෙහිව ලංකා විදුලි බල මණ්ඩලයේ ප‍්‍රධාන කාර්‍යාලය ඇතුලූ සියලූම වැඩ බිම් ඉදිරිපිට කළු කොඩි ඔසවා සේවකයන් පිරිසක් අද (19)  විරෝධතාවයේ නිරත වී සිටිති.

විදුලි බල මණ්ඩලයේ පාළනාධිකාරිය ලබාදුන් මෙම තීරණයට එරෙහිව ආරම්භ කරන විරෝධතාවයේ පළමු පියවර ලෙස මෙම ක‍්‍රියාමාර්ගය ගන්නා බවත් ඉන් අනතුරුව අඛන්ඩව වෘත්තීය ක‍්‍රියාමාර්ග රැසක් ක‍්‍රියාත්මක කරන බවත් රන්ජන් ජයලාල් මහතා ලංකාදීපයට පැවසීය.

රන්ජන් ජයලාල් මහතාට අමතරව විදුලි බල මණ්ඩලයේ ජාතික සේවක සංගමයේ සමුලූ ලේකම් අජිත් දේවප‍්‍රිය, විදුලි බල මණ්ඩලයේ  නිදහස් සේවක සංගමයේ ලේකම් ඩබ්. ඒ. පී ප‍්‍රභාත්, උප සභාපති පී. ඞී. එස් පේ‍්‍රමලාල් කමිටු සාමාජිකයන් වන ඞී. එස් විජයලත්, ප‍්‍රියන්ත ගුණසේකර යන මහත්වරුන්ගේ සේවය මෙලෙස අත්හිටුවා ඇත.