ලංවිම සේවක විරෝධතා පාගමන අගමැති කාර්යාලය අසලට


(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයට අයත් ලංකා විදුලි බල මණ්ඩල සේවකයෝ අද(18) විදුලි බල මණ්ඩල මූලස්ථානයේ සිට මල් පාරේ පිහිටි අගමැති කාර්යාලය අසලට විරෝධතා පාගමනින් පැමිණියහ.

ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් අත්තනෝමතික හා නීතිවිරෝධී ලෙස තම වැටුප් වැඩිකරගෙන ඇති බවත් එම වැටුප් වැඩිවීම වහා අත්හිටුවන ලෙස හෝ සියලු සේවකයන්ට එවැනි වැටුප් වැඩිවීමක් ලබාදෙන ලෙස ඉල්ලමින් ඔවුහු විරෝධය පළ කරති.