ලංවිම වෘත්තීය සමිති නායකයින් 6කගේ සේවය අත්හිටුවයි


නිමල කොඩිතුවක්කු
 
වහාම ක‍්‍රියාත්මක වන පරිදි ලංකා විදුලි සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් ඇතුලූ වෘත්තීය සමිති  නායකයින් හයදෙනෙකුගේ සේවය අත්හිටුවීමට ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කර තිබේ.

 
ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ඩබ්. බී ගනේගල මහතා ඔහුගේ  නිල කාමරයේ හිර කර තබා ගනිමින් ජනවාරි 17 වැනිදා විරොධතාවය පළකිරීම ඇතුලූ කරුණු හේතුවෙන් තමා ඇතුලූ පිරිසගේ සේවය අත්හිටුවා ඇති බව රන්ජන් ජයලාල් මහතා පැවසීය.
 
පසුගිය සිකුරාදා (16) සේවය අත්හිටුවීමට අදාල ළිපි තමන් වෙත විදුලි බල මණ්ඩලයේ පාළනාධිකාරිය ලබාදුන් බවත් ආයතන සංග‍්‍රහයට පටහැනිව වැටුප් රහිතව මෙම ක‍්‍රියා මාර්ගය ගෙන ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.
 
රන්ජන් ජයලාල් මහතාට අමතරව විදුලි බල මණ්ඩලයේ ජාතික සේවක සංගමයේ සමුලූ ලේකම් අජිත් දේවප‍්‍රිය, නිදහස් සේවක සංගමයේ ලේකම් ඩබ්. ඒ. පී ප‍්‍රභාත්, උප සභාපති පී. ඞී. එස් පේ‍්‍රමලාල් කමිටු සාජාජිකයන් වන ඞී. එස් විජයලත්, ප‍්‍රියන්ත ගුණසේකර යන මහත්වරුන්ගේ සේවය මෙලෙස අත්හිටුවා ඇත.