ලංඩන් ජාත්‍යන්තර කේක් නිර්මාණ තරඟාවලියෙන් රන් පදක්කම් තුනක් හිමිකරගැනීමට ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු සමත් විය.
බ්‍රෙිසියා නුවර පදිංචි ශකිලා ලියනපතිරන ඉදිරිපත් කල අයිසින් මල් කෙක් නිර්මානයට හා මංගල උත්සව අවස්තාවන් සදහා කරන ලද බිස්කට් සැරසිලි වෙනුවෙන් රන් පදක්කම් දෙකන් හිමි වු අතර එංගලන්තයේ මෙල්ක්ෂෑම් නුවර පදිංචි චාන්දනි අල්විස් ඉදිරිපත් කළ මංගල ආකෘති කේක් සැරසිල්ල වෙනුවෙන් තවත් රන් පදක්කමක් හිමි විය.
ශකිලා ලියනපතිරන මීට ඉහතදී ඉතාලියේ සුක්කෙරෝ ඉන් තෙස්තා ආයතනය සංවිධානය කල ඉතාලි අයිසින් කෙක් නිර්මාන කරුවන්ගේ තරගාවලි දෙකකින්ම ජයග්‍රාහිකාව වුවාය.
අය මිගමුව හියුස්ටඩ් බාලිකා විද්‍යාලයේ ආදි සිසුවියකි.
චාන්දනි අල්විස් එංගලන්තයේ පදිංචියට පැමින වසර පහකි. කුලියාපිටිය සරනාත් මහා විද්‍යාලයේ ආදි සිසුවියක වන චාන්දනි අල්විස් වසර පහක් යුධ හමුදා දැල්පන්දු කණ්ඩායම නියෝජනය කල දක්ෂ ක්‍රිඩිකාවකි.

