ලංගමයේ අබලි ලෝහ බැහැර කිරිමෙන් රු. ලක්ෂ 1958ක ආදායමක්


ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ එක් රැස් වී ඇති අබලි ලෝහ බැහැර කිරීම පිණිස 2024-10-21 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ලංසු කැඳවා තිබේ. එහිදි ඉදිරිපත් වූ ලංදු 9 ඇගයීමෙන් අනුව වැඩිම මිල ගණන් ඉදිරිපත් කර තිබූ සමාගම් 6ක් වෙත රුපියල් 195, 890, 193.28 ක මුදලකට ප්‍රසම්පාදනයන් පිරි නැමිමට කැබිනට් අනුමැතියලබා දී තිබේ.