(නිමල කොඩිතුවක්කු)
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයන් 285 දෙනෙකු මේ වන විට කොවීඩ් ආසාදිතයන් බවට පත්ව ඇතැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
ඔවුන් මේ වන විට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට යොමු කර ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ලංගම සේවකයන් විශාල පිරිසක් අවදානමට ලක්ව ඇති බැවින් හෙට(16) සිට නව ක්‍රමවේදයක් යටතේ සේවකයන් කැඳවන බවත් ඔහු පැවැසීය.
ඒ අනුව රියැදුරු කොන්දොස්තර ඇතුළු ලංගම සේවකයන් කණ්ඩායම් දෙකකට බෙදා දින පහළොව බැගින් සේවයට කැඳවීමට උපදෙස් ලබාදී ඇති බවත් හෙතෙම කීය.
මගී ජනතාවට කිසිදු අපහසුතාවයකින් තොරව අවශ්‍ය ප්‍රමාණයට බස්රථ යෙදවීමට සියලුම ඩිපෝ අධිකාරිවරුන්ට උපදෙස් ලබා දී ඇති බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

