ලංගම වර්ජනයට ඩිපෝ 70 ක් එක්වෙයි


(මහින්ද නිශ්ශංක) 
 
ලංගම රියදුරු කොන්දොස්තර, කාර්මිකයින් ඇතුළු සියලු කාර්යාල මණ්ඩල සේවකයෝ ආරම්භ කළ වැඩ වර්ජනය අද (17) වන විට ලංගම ඩිපෝ 70 කට වැඩි සංඛ්‍යාවක් එක්ව ඇතැයි ලංගම ශ්‍රී ලංකා නිදහස් ජාතික ප්‍රවාහන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් බන්දුල රත්නායක මහතා පැවසීය.
 
ශ්‍රී ලංගම සේවකයින්ගේ නව වැටුප් ක්‍රමය කඩිනමින් ක්‍රියාත්මක කරගැනීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගෙන මෙම වර්ජනය ක්‍රියාත්මක කරයි.
 
ඊයේ (16) ඩිපෝ කීපයකින් ආරම්භ කළ මෙම වර්ජනය සේවක ඉල්ලීම් ලැබෙන තුරු අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවද ඒ මහතා කීය.