(ජේ.කේ.එල් චාමින්ද සහ මහින්ද නිශ්ශංක)
ශ්‍රී ලංගම ඩිපෝවල සේවකයින් විසින් ආරම්භ කළ වැඩවර්ජනය අද (4) පස්වරුවේ සිට අවසන් කිරිමට තීන්දු කළ බව ශ්‍රී ලංකා නිදහස් ජාතික ප්‍රවාහන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් බන්දුල රත්නායක මහතා පවසයි.
ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා සමඟ පැවති සාකච්ඡාවකින් පසු සේවක ඉල්ලීම් ලබාදිමට එකඟ වු නිසා වැඩවර්ජනය අවසන් කිරිමට තීන්දු කළ බවද රත්නායක මහතා සඳහන් කළේය.
2006 අංක 30 සහ 2016 අංක 2 වැටුප් චක්‍ර ලේඛනවලට අනුව වැටුප් එකවර ගලපා ලබාදීමට පාලනාධිකාරිය එකඟවු බවත් ඔක්තෝබර් 1 වැනිදා සිට මෙකී වැටුප් වැඩිවීම ශ්‍රී ලංගම සේවකයින්ට හිමිවන බවද රත්නායක මහතා සදහන් කළේය.
දිවයිනේ ඩිපෝ 30 ක මෙම බස් වර්ජනය පැවැත්විණි.

