ලංගම බසය ලූහුබැද ගිය මෝටර් රථය අඩි 30ක ප‍්‍රපාතයට


රංජිත් රාජපක්‍ෂ            

ගිනිගත්හේනේ සිට ලංගම බස් රථයක් ලූහුබැද ගිය මෝටර් රථයක් අඩිතිහක් පමණ ප‍්‍රපාතයට පෙරලි අනතුරක් සිදුවී ඇති බව ගිනිගත්හේන පොලිසිය පවසයි.

අද (20) හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන පිටවල පෞද්ගලික ජල විදුලිබලාගාරය අසල මෙම අනතුර සිදුවී ඇත.

නුවරඑළියේ සිට හැටන් හරහා ගාල්ල දක්වා ධාවනය වන උඩුගම ඩිපෝවට අයත් බස් රථයේ රියදුරාට  තම නිවසට ලිපියක් භාර දිම සඳහා මෝටර් රථයේ රියදුරු බස් රථය ලූහු බැඳ යෑමේදී මෙම අනතුර සිදුවී ඇති  බව පොලිසිය කියයි.

අනතුරෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති අතර අධීක වේගය අනතුරට හේතුවි ඇති බව පොලිසිය පවසයි.