ජපානය හැරුණු විට සිනොර්යු අයිකි ජිජුස්සු යුරෝපා සමුරායි සංගමයේ ආසියාවේ එකම නියෝජිතයා බවට ශ්‍රී ලාංකිකයෙක් පත්ව සිටියි.
වෙරෝනා නුවර ජිවත්වන කටුනේරියේ ලක්මාල් සිල්වා 32 වයස අවුරුදු 7 සිට ආත්මාරක්ෂක සටන් කලාව ප්‍රගුණ කරන්නෙකි.
කුඩා අවදියේදීම කටුනේරිය ක්‍රිඩා සමාජයට බැදී අවුරුදු 7ක් මල්ලව පොර සටන් කලාවත් අනතුරුව තවත් අවුරුදු 6ක් උෂෝ සටන් කලාවත් ප්‍රගුණ කළ බවත් එයින් පළාත් මට්ටමින් සංදර්ශන රැසකට සහභාගී වී ජයග්‍රහණ රැසක් අත්කරගත් බවත් ලක්මාල් කියයි.
2001 දී ඉතාලියට පැමිණ එතැන් සිට මේ වන තෙක් ප්‍රංශ ජාතික ලුයිජි කර්ලියෙලේ ඉතාලි ජාතික රොබැර්තෝ ග්‍රනානි ජපන් ජාතික සුගිනෝ සෙන්සෙයි යන උපදේශක වරුන් යටතේ ආත්මාරක්ෂක සමුරායි සටන් කලාවේ කළුපටි තුන්වැනි ශ්‍රේණියත් කඩු හරබ සදහා කළුපටි පළමු ශ්‍රේණියත් ලක්මාල් ලබා සිටියි.
තමා හා තම ඉතාලි ජාතික පුහුණු කරු සමග එක්ව වෙරෝනා විශේෂ පොලිස් ඒකකයට ආත්මාරක්ෂක සටන් කලාව හා විශේෂ පැරිෂුට් පාඨමාලාවක් උගැන් වු බව ලක්මාල් එසැණට පැවසිය.මම ලංකාවට ගිහින් පොලිසියේ ප්‍රධානීන් කිහිප දෙනෙක් මුණ ගැසුණා.
අපේ පොලිසියේත් තියෙනවා පැලියගොඩ වලාන මිරිහාන වගේ විශේෂ පොලිස් එකක. අන්න ඒ පොලිස් එකක වලට වටිනා සමුරායි සටන් පාඨමාලාවක් නොමිලේ ලබා දෙන්නයි මම ඉහළ පොලිස් නිලධාරින් හමු වුයේ.
ඒ අය සතපහකට ගණන් ගත්තේ නැහැ. මම ඉගෙන ගත්තු දේ ඉගෙන ගන්න දේ මගේ රටේ ප්‍රයෝජනයවත් දෙකට යොමු කරන්න මම ආසයි.
යුරෝපා සමුරායි සංගමය ඒ සදහා මට උදව් කරන බව මම දන්නවා. ජනාධිපතිතුමා හමු වෙන්නත් මම උත්සහා කළා. එත් වැඩක් වුණේ නැහැ. ආරක්ෂක ලේකම් තුමාගෙන් පොලිස්පති තුමාගෙන් හමුදා පතිතුමන්ලාගෙන් මම ඉල්ලන්නේ අපේ විශේෂ පොලිස් හමුදා එකක වලට මේ වටිනා පුහුණුව ලබා දෙන්න මට අවස ර දෙන්න කියලයි.