ලංකාවේ සෞඛ්‍ය සේවය ගැන විදෙස් සුව ඇමතිලාගේ ප්‍රසාදය


(අංජුල මහික වීරරත්න)

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියාතික කලාපයේ 78 වන සමුළුවට මෙරටට පැමිණි විදෙස් සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ මෙරට සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස -නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහත්වරුන් අතර සාකච්ඡා කොළඹදී පැවැත්විණි.

මාලදිවයින් සෞඛ්‍ය අමාත්‍ය අබ්දුල්ලා නසීම් ඊබ්‍රහිම්, තායිලන්තයේ මහජන සෞඛ්‍ය අමාත්‍ය H.E. Pattana Promphat,‍ටිමෝර් ලෙස්ටේ (Timor Leste)  හි ආයතනික සෞඛ්‍ය ශක්තිමත් කිරීමේ නියෝජ්‍ය අමාත්‍ය ජෝස් ඩොස් රීස් මැග්නෝ මහත්වරු ඒ අතර වූහ.

මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව විශේෂ ඇගයීමකට ලක් කළ විදේශීය සෞඛ්‍ය අමාත්‍යවරුන් හා නියෝජිතයින් එම සේවාව අඩු පිරිවැයකින් ගුණාත්මක පවත්වා ගෙන යාම පිළිබඳව තම ප්‍රසාදය පළ කර සිටියේ ය.

ශ්‍රී ලංකාව ඉතා මිත්‍රශීලි රටක් බව පෙන්වා දුන් විදේශීය නියෝජිතයන්  මෙරට සෞඛ්‍ය සේවාවේ අනාගත ප්‍රගමනය වෙනුවෙන් ලබා දිය හැකි සහය නිබඳව ලබා දීමට කටයුතු කරන බව පවසා සිටියේ ය. 

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ද සහභාගී විය.