(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ දැනට රැඳී සිටින විදේශිකයන්ගේ සහ නේවාසික වීසා සතු පුද්ගලයන්ගේ වීසා කාලය අද (9) සිට අගෝස්තු මස 08 වැනිදා දක්වා දින 30 කින් දීර්ඝ කළ බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.
එම කාලය තුළ කල් ඉකුත් වන වීසා සඳහා ගාස්තුව පමණක් අය කරන බවත් දඩ මුදල් අය නොකරන බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
නේවාසික වීසා හිමිකරුවන් වීසා දීර්ඝ කර ගැනීම සඳහා රාජකාරි දිනවල පෙරවරු 8.30 සිට පස්වරු 3.00 දක්වා 070-7101050 දුරකථනයට අමතා දිනයක් සහ වේලාවක් වෙන්කරගෙන බත්තරමුල්ල ප්‍රධාන කාර්‍යාලයට පැමිණිය යුතු බවත් මෙරට රැදී සිටින විදේශිකයන්ට අන්තර්ජාලය ඔස්සේ වීසා අලුත් කර ගත

