ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීමට ඕස්ට්‍රේලියාවෙන් කෝටි 85 ක්


ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා ඉදිරි දෙවසරක කාලයේදී ඕස්ට්‍රේලියානු ඩොලර් 700,000ක මුදලක් (රුපියල් කෝටි 84.5කට) ආසන්න මුදලක් ලබාදීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කර තිබේ.  
 
‘මයික් ඇක්ෂන් ගෲප් (මැග්)’ සහ ශ්‍රී ලාංකික ආයතනයක් වන ‘ඩෙව්ලන් ඇසිස්ටන්ස් ෆෝ සෝෂල් හාර්මනි” යන සංවිධානවල හවුල්කාරීත්වයෙන් ඕස්ට්‍රේලියානු  රජය එම මුදල ශ්‍රී ලංකාවට ලබා දෙයි. 
 
මෙම නව ආධාර මගින් උතුරු පළාතේ මන්නාරම, වවුනියාව, කිළිනොච්චිය යන දිස්ත්‍රික්කවල බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා වැදගත් වන ආර්ථික සහයෝගය ලබාදෙන බව කොළඹ ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 
 
ඒ ඔස්සේ විශාල පවුල් ප්‍රමාණයකට නැවත ඔවුන්ගේ ඉඩම්වලට පැමිණ නැවත ජනජීවිතයට ආරම්භ කිරීමට අවස්ථාව උදා වේ. 
 
ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා වැඩි වශයෙන් ආධාර මුදල් දෙන රටවල් අතර ඕස්ටේ්‍රලියාව මුල් තැන පසුවෙයි. වසර 2009 සිට මේ දක්වා කාලයේදී ඕස්ට්‍රේලියානු බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා ශ්‍රී ලංකාවට ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 20කට (රුපියල් කෝටි 240කට ආසන්න මුදලක්) ලබා දී ඇතැයි ද ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලය සඳහන් කරයි. 
 
 (055)