(හර්ෂණ තුෂාර සිල්වා)
සත්‍ය, යුක්තිය, හානිපූරණය සහ නැවත ඇති නොවීම සහතික කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ද ග්‍රීෆ් මහතා අද (10) දිවයිනට පැමිණීමට නියමිතය.
වසර 25ක් මුළුල්ලේ මෙරට පැවැති සිවිල් යුද්ධය සමයේදී ඇති වූ සිදුවීම් ඇතුළුව මහා පරිමාණ උල්ලංඝණය වීම් හා අපයෝජන සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ශ්‍රී ලංකාව අත්පත් කරගෙන තිබෙන ප්‍රගතිය විමසා බැලීම දින 13ක කාලයක් මෙරට රැඳි සිටිමට නියමිත එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයාගේ මෙරට සංචාරයේ අරමුණ වී තිබේ.
එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයා මෙම සංචාරයේදී රාජ්‍ය නිලධාරීන්, මධ්‍යම ආණ්ඩුවේ හා පළාත් පාලන ආයතනවල නියෝජිතයන් හා නිලධාරීන්, අධිකරණ පද්ධතියට සම්බන්ධ පිරිස්, යුද හමුදා නිලධාරීන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආගමික නායකයන්, දේශපාලන පක්ෂ නායකයන්, මානව හිමිකම් කොමිසම, සිවිල් සමාජ නියෝජිතයන්, පීඩාවට පත්වූ පිරිස්, විද්වතුන් සහ ජාත්‍යන්තර ප්‍රජාව නියෝජනය කරන මෙරට සිටින නියෝජිතයන් හමු වී සාකච්ඡා පවත්වනු ඇත.
හෙතෙම මෙම සංචාරයේදී දකුණු, මධ්‍යම, උතුරු හා නැගෙනහිර පළාත්වල සංචාරයේ යෙදෙනු ඇති අතර සංචාරයෙන් පසු ඔහු සකසන වාර්තාවක් ලබන වසරේ සැප්තැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ අතර පසුගිය සැප්තැම්බර් 11 වැනිදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 36 වැනි සැසිවාරය ආරම්භ කරමින් අදහස් දැක්වූ එම කවුන්සිලයේ මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු, ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන ලද 30/1 යෝජනාවේ නිර්දේශ කඩිනමින් ඉටු කිරීම සඳහා නිශ්චිත හා පැහැදිලි කාලරාමුවක් සහ යාන්ත්‍රණයක් ස්ථාපිත කළ යුතු යැයි පැවැසීය.
එහිදි තවදුරටත් අදහස් දැක්වූ මහ කොමසාරිස්වරයා දැනට පවතින ත්‍රස්තවාදය පිටු දැකීමේ පනත වෙනුවට ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිති හා තත්ත්වලට අනුකූලව නව පනතක් ගෙන එන්නැයි ශ්‍රී ලංකා රජයට නැවත වරක් දැනුම් දෙන බව ද කීවේය.
සංක්‍රාන්ති යුක්තිය උපායමාර්ගයක් සකස් කර ක්‍රියාත්මක කරන බවට වසර ශ්‍රී ලංකා රජය 2015 වසරේදී එක්සත් ජාතීන්ට පොරොන්දු ලබා දී ඇත.

