ලංකාවේ කැරැට්ටුව ගැන දිගටම සෙවිල්ලෙන්


ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් සහ යුද අපරාධ සම්බන්ධයෙන් සොයා බැලීමට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා පත් කළ විද්වත් කමිටු වාර්තාව සැප්තැම්බර් මාසයේ දී ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමෙන් පසු වගවීම හා ප‍්‍රතිසන්ධානය සම්බන්ධයෙන් විශ්වාසදායී යාන්ත‍්‍රණයක් ඇති කිරීම සඳහා ලක් රජය සමඟ දිගටම කටයුතු කිරීමට මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් සෙයිද්  අල් හුසේන් තීරණය කර ඇතැයි ජිනීවා තානාපති ආරංචි මාර්ග වාර්තා පවසයි.

යුද්ධයේ අවසන් අදියරේදී සිදුවූ බව කියන මානව හිමිකම් කඩවීම් සහ යුද අපරාධ පිළිබදව හිටපු ආරක්ෂක ලේකම්, හිටපු යුද හමුදාපති ඇතුළු රජයේ බලධාරීන් කිහිපදෙනෙකුට එම විද්වත් කමිටු වාර්තාවෙන් චෝදනා නැගුණ ද එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තියට අනුව  වසර 30 ගතවන තුරු ඔවුන්ට එරෙහිව කිසිදු ක‍්‍රියාමාර්ගයක් නොගැනෙන බැවින් මෙලෙස ශ්‍රී ලංකා රජය සමඟ ඒකාබද්ධව කටයුතු කිරීමට මානව හිමිකම් මහකොමසාරිස් වරයා තීන්දු කර ඇතැයි පැවසේ.