ඉන්දියාවේ සිට යාත්‍රාවකින් ඕස්ට්‍රේලියාවට ගොස් මූද මැද නැවක මාසයක් කල් ගත කළ ශ්‍රී ලාංකික සරණාගතයෝ 157 දෙනා ඕස්ට්‍රෙලියාවේ ගොඩබිම රැඳවුම් කඳවුරකට ගෙන එනු ලැබුහ.
පසුගිය දෙසැම්බර් මාසයෙන් පසු ඕස්ට්‍රේලියා වෙරළෙන් ගොඩබිමට ඇතුළු වු මුල්ම කණ්ඩායම මේ පිරිසයි.
මීට පෙර පැමිණි සියලු සරණාගතයෝ හරවා ආපසු ශ්‍රී ලංකාවට හෝ පැපුවානිව්ගිනියේ කඳවුරුවලට හෝ යවන ලදහ.

