ලංකාවෙ යුද සමය ගැන පොතක් එළිදකී


 ශ්‍රී  ලංකාවේ යුද්ධය පැවති අවදියේ දී නොර්වේ සාම භූමිකාව ගැන සහ එහිදී සිදුවූ සාර්ථක අසාර්ථකභාවයන් අළලා ලියැවූණු   ජාත්‍යන්තර කෘතියක් ලබන මස 02වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව තානාපති ආරංචි මාර්ග කියයි.

‘ටු එන්ඩ් අ සිවිල් වෝර්‘  නැමැති   ඉංග්‍රීසි බසින් ලියැවුණු මෙම ග්‍රන්ථය ලොව පුරා රටවල් රැසක එළි දැක්වෙන අතර මෙරට නොර්වේ විශේෂ සාම නියෝජිතයින් ලෙස කටයුතු කළ  එරික් සෝල්හයිම් සහ විඩාර් හෙල්ගසන්   ලංකාවේ ගැටුම් පැවති අවදියේ සාමය ගොඩනැඟීම වෙනුවෙන් ක්‍රියාත්මක කළ නෝරවේ රජයේ උත්සාහයන් පිළිබඳව මෙහි අන්තර්ගත වන බව තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.

මාර්ක් සැල්ටර් නැමැති ලේඛකයෙකු ග්‍රන්ථය රචනා කර ඇත.

 ඉකුත් වසරේදී  නොර්වේ හිටපු අමාත්‍ය එරික් සොල්හයිම් මහතා ද ශ්‍රී  ලංකාවේ යුද්ධය සම්බ්නධයෙන්   ග්‍රන්ථයක් එළි දැක්වූයේය. මෙරට යුද ගැටුම් විසඳීම සඳහා 1999 වසරේ සිට නොර්වේ රජය පත් කළ විශේෂ සාම නියෝජිතයා වූයේ එරික් සෝල්හයිම්  ය. විඩාර් හෙල්ගසන්   එකළ එරට විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා විය.