ලංකාවත් ජිනිවා නව නිපැයුම් පෙරමුණේ


ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර නව නිපැයුම්කරුවන්ගේ ප්‍රදර්ශනයේ දී ශ්‍රී ලංකාවේ දොස්තර එස්.ජේ.බී. ලෙනදොර හා දිනේෂ් කටුගම්පොළ ස්වර්ණ හා රජත සම්මාන දිනූහ.  රටවල් 46කින් නව නිපැයුම් දහසක්  පමණ ප්‍රදර්ශනයට ඉදිරිපත් කැර තිබිණි.  උදරයේ සැත්කම්වලදී වේදනා අවම කිරීමේ උපකරණයක් නිපැයීමට දොස්තර ලෙනදොර සමත්විය. අරුක්කුවක හෝ ගෝලයක අර්ධ විශ්ක්ම්භය සෙවීමේ මීටරයක් නිපදැවීමට කටුගම්පොළ සමත්විය.  නොවැලැක්විය හැකි හේතුවක් නිසා කටුගම්පොළ මහතාට ජිනීවා යෑමට නොහැකි විය. නව නිපැයුම් කොමසාරිස් දීපාල් සුරියආරච්චි මහතා පැවැසුයේ මේ ජයග්‍රහණය නව නිපැයුම්කරුවනට සානු බල සපයන බවයි.