ලංකාවටම ලූනු මාතලෙන්


මාතලේ දිස්ත්‍රික්කය පුරා දෙකන්නයේම  ලොකු ලූනු වගා කිරීමට පියවර ගෙන ඇතැයි මාතලේ මහ දිසාපති හෙලන් මීගස්මුල්ල මහත්මිය කියයි.

දඹුල්ල ,නාවුල,සීගිරිය,කිඹිස්ස හා දේවහුව යන ප්‍රදේශයන්හි දැනටම ලූනු වගා කැර ඇත.

යල් කන්නයේදී ලූනු බීජ කිලෝ විසිදහසක්  නිෂ්පාදනය කිරීම අරමුණ බවද දිසාපතිනිය කියන්නිය.

2016 වන විට මාතලේ දිසාවේ  හෙක්ටයාර් 4000 ක ලූනු වවා මෙට්‍රික් ටොන්  හැත්තෑදහසක අස්වැන්නක් බලාපොරොත්තු වන බව දිසාපතිනිය පවසන්නීය.