ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මට්ටමේ හෙද පීඨයක් පිහිටුවීමට කඩිනමින් කටයුතු කරන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කළුතර හෙද විද්‍යාලයේ පැවති උත්සවයකදී පැවසීය.
හෙද හෙදියන් පුහුණු කිරීමට කොළඹ හෝ පේරාදෙණිය විශ්ව විද්‍යාලවලට අනුබද්ධ වෙනම පීඨයක් පිහිටුවීමට ජනපති සමග සාකච්ඡාකර තීන්දුවක් ගත් බවත් සියලු පහසුකම් සහිතව ජාත්‍යන්තර මට්ටමේ හෙද පීඨයක් පිහිටුවීම තම බලාපොරොත්තුව බවත් ඔහු කීවේය.
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය තිලකසිරි ගම්ලත්, හෙද අධ්‍යක්ෂිකා එස්.සිරිවර්ධන, කළුතර හෙද විද්‍යාලයේ විදුහල්පති ඩබ්ලිව්.ඒ.කීර්තිරත්න යන මහත්ම මහත්මීහු පිරිසක්ද එම අවස්ථාවට එක්වූහ.

