
(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලැබුණ "ෆයිසර්" එන්නත් මාත්‍රා 182,400 ක් ඩුබායි සිට අද (2) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .
කිලෝ ග්‍රෑම් 1,014 ක් බරැති මෙම එන්නත් තොගය පෙට්ටි 32 ක අසුරා නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර සිට මුලින්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත මුලින්ම ගුවන් මගින් ගෙනැවිත් තිබුණි .
ඉන්පසුව මෙම එන්නත් තොගය ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් අද (2) උදෑසන 08.45 ට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි .
ගුවන් යානයෙන් ගොඩ බාන ලද මෙම එන්නත් තොගය සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් ඔවුන්ගේ කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත ගෙන යාමට පියවර ගෙන තිබේ.


