ලංකාවට රන් තුනයි


මලයාසියාවේ පිනෑංහි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් බර ඉසිලීමේ තරඟාවලියේ කිලෝ ග්‍රෑම් 48 බර පන්තියේ රන් පදක්කම ශ්‍රී ලංකාවට හිමි විය.

පොදුරාජ්‍ය මණ්ඩලීය කාන්තා බර ඉසිලීමේ තරඟාවලියක දී කාන්තාවක විසින් රන් පදක්කමක් දිනා ගත් ප්‍රථම ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවමින් මෙම රන් පදක්කම දිනා ගනු ලැබුවේ පොළොන්නරුව රාජකීය මහා විද්‍යාලයයේ දිනූදා දිල්ෂාන් අබේසේකර ක්‍රීඩිකාව විසිනි.

ඇය මෙම තරඟාවලියේ දී සිය තරඟ ඉසව්වෙන් ස්නැක් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 62ක් ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 74ක් ද වශයෙන් මුළු බව කිලෝ ග්‍රෑම් 136ක් ඔසවමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් ද සමගින් මෙම රන් පදක්කම දිනා ගනිමින් ශ්‍රී ලංකාවට ඉමහත් ගෞරවයක් ගෙන දුන් බව ඇගේ පුහුණුකරු වන පොළොන්නරුව රාජකීය විද්‍යාලයයේ ක්‍රීඩා ආචාර්ය ඩන්කන් ජයසිංහ මහතා පැවසීය.

කුරුණෑගල මලියදේව විදුහලේ ශශීක ඒකනායක බර ඉසිලීමේ කිලෝ පනහේ බර ඉසිලීමේ තරඟයෙන් නව වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කමක් ද, තිලංග පලඟසිංහ කිලෝ ග්‍රෑම් 56 බර පන්තියෙන් රන් පදක්කමක් ද දිනා ගත්හ.