ලංකාවට කොරියා රැකියා වැඩිපුර
ශ්‍රී ලාංකිකයනට දකුණු කොරියාවේ රැකියා තවත් වැඩිපුර ලැබීමේ අවස්ථාව උදාවන ලකුණු පහළ වෙයි. දෙරට ජනපතිවරුන් අතර සෝල් අගනුවර ‘බ්ලු හවුස්‘ ජනපති මැදුරේ පැවැති සාකච්ඡාවක දී මේ ගැන සාකච්ඡා විය. දැනට විසිදහසක් පමණ ලාංකිකයෝ එහි රැකියා කරති. දෙරට නායකයන් අතර අද පැවැති සාකච්ඡාවේදී මහින්ද රාජපක්ෂ ජනපති අවධාරණය කෙළේ ශ්‍රී ලංකාවේ දැන් දේශපාලන ස්ථාවරත්වය ඇති බවයි. එහෙයින් ආයෝජනයට එන්නැයි කොරියා ආයෝජකයනට ඇරැයුම් කෙළේය. සාකච්ඡාවෙන් පසු ගිවිසුම් තුනක් ද අත්සන් කැරිණි. කොරියා භාෂාව උගැන්වීම සඳහා දකුණු කොරියාවෙන් ගුරුවරුන් එවීමට ද එරට ජනපති එකඟ විය. හම්බන්තොට තොරතුරු තාක්ෂණ උයනට ආධාර කරන ලෙස ජනපති ඉල්ලීමක් ද කෙළේය. කොරියා ආධාර ඇතිව ශ්‍රි ලංකාවේ සිදු කැරෙන ව්‍යාපෘති සඳහා ඇමෙරිකා ඩොලර් විසි කෝටියක (රුපියල් කෝටි 2600ක ආධාර ද ලැබිණි.

