ශ්‍රී ලංකාවේදී සිදු වී ඇතැයි කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විදවත් කමිටවේ අවසන් වාර්තාව ලබන මස 30 වැනදා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරුණද, මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන් මහකොමසාරිස්වරයා විසින් ශ්‍රී ලංකාවට එරෙහිව කිසිදු ජාත්‍යන්තර පරීක්ෂණයක් නොකැඳවනු ඇතැයි ජීනිවා තානාපති ආරංචි මාර්ග පවසයි.
මෙරට පැවති යුද්ධයේදී සිදුවී ඇතැයි කියන මානව හිමිකම් කඩවීම් හා යුද අපරාධ සම්බන්ධයෙන් විනිවිද හා ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ඇමෙරිකාව ප‍්‍රමුඛව එම කවුන්සිලයට ගෙන ආ යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැරූ ස්ථාවරයට සහාය දැක්වීමට අදාළ යෝජනාව ගෙන ආ ඇමෙරිකාව සහාය දැක්වීමට ඉදිරිපත් වීම නිසා මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන් මහකොමසාරිස්වරයා විසින් ශ්‍රී ලංකාවට එරෙහිව පරීක්ෂණ නොකැඳවනු ඇතැයි එම ආරංචි මාර්ග කියා සිටී.
මීට පෙර මානව හිමිකම් මහකොමසාරිස්වරයා යෝජනා කර සිටියේ ලංකාව සම්බන්ධයෙන් අදාළ විද්වත් කමිටු වාර්තාව නිල වශයෙන් ලබන මස ආරම්භ වන මානව හිමිකම් කවුන්සිලයේ 30 වැනි සැසිවාරයට ඉදිරිපත් වීමෙන් එහි සාමාජික රටවල්වල අනුමැතියෙන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් කැඳවීමටය.
නව රජය පත්වීමෙන් පසුව නිල සංචාරයක් සඳහා පැමිණී ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් මහත්මිය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ ,විදේශ ඇමති මංගල සමරවීර මහතා ඇතුළු රජයේ බලධාරීන් සමඟ පැවත්වූ සාකච්ඡා වලින් පසු දේශීය පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා රජය ගෙන තිබූ පියවරට සහයා දැක්වන යෝජනාවක් ලබන මස රැස්වෙන ජිනීවා මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කීරීමට ඇමෙරිකා රජය තීරණය කළේය.

