ලංකාවට එරෙහි උද්ඝෝෂණයක් චෙන්නායි නුවර


දඹුල්ලේ මුස්ලිම් පල්ලිය ඉවත් කිරීමට යතියි විරෝධය පළ කරමින් තමිල්නාඩුවේ දේශපාලන පක්ෂ කිහිපයක් චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහා කොමසාරිස් කාර්යාලයය ඉදිරිපිට පැයක් උද්ඝෝෂණයක් කෙළේය. ‘‘ මනිදනේයර් මක්කල්කච්චි, හා මරුමලච්චි  ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම්“ පක්ෂ සාමාජිකයෝ ඊට එක්වූහ. මහා කොමසාරිස් කාර්යාලයට කඩා වැදීමට උත්සහා ගත් පිරිසක් වළක්වා ගැනීමට තමිල්නාඩු පොලිසිය සමත් විය. කලබලකාරීහු පිරිසක් ද අත් අඩංගුවට ගනු ලැබූහ.