ලංකාවට එතෙර දොර ඇරගන්න ලේසි නෑ


වීසා නොමැතිව රවල් 173 කට ගමන් කළ හැකි රටවල් අතර  මහා බ්‍රිතාන්‍යය,පින්ලන්තය හා ස්වීඩනය සිටින බව ජගත් සමීක්ෂණයකදී සොයාගෙන ඇත.

මෙම සෝදිසියේ හොදම රටවල් 20 අතරට ඩෙන්මාර්කය(172) ජර්මනීය,(172 ) ලක්සම්බර්ග්(172),ඇමෙරිකාව ,බෙල්ජියම(171),ඉතාලිය(171),නෙදර්ලන්තය(171),කැනඩාව, ප්‍රංශය(170),අයර්ලන්තය,ජපානය(170),නෝර්වේ(170) ,පෘතුගාලය(170),ස්ලාඤ්ඤ්ය(170),ඕස්ට්‍රේලියාව(170), නවසීලන්තය(168) හා ස්ව්ට්සර්ලන්තය(166).

වීසා සම්බන්ධයෙන් නරකම රටවල් අතර මුල් තැන ඇෆ්ගනිස්ථානයටත් නව වැනි තැන ශ්‍රී ලංකාවටත් හිමි වේ.ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයකින් වීසා නොමැතිව ගමන් කළ හැක්කේ රටවල් 38 කට පමණි.

සෙසු රටවල් අතර ඉරාකය (31),සෝමාලියාව(32),පකිස්ථානය (32),පලස්තීනය (36), එරික්ත්‍රියාව (36),නේපාලය (37),සුඩානය(38),ලෙබනනය (38),කොසෝවෝ(38),සිරියාව(39),දකුණු සුඩානය(39) ,ලිබියාව (39),කොංගෝ(38),මියන්මාරය(40),ඉරානය (40),ජිබුති (40),ඇන්ගෝලාව (40) හා උතුරු කොරියාව (41) වේ.

හෙන්ඩ්ලියන් ඇන්ඩ් පාර්ට්නස් සමාගම මේ සමීක්ෂණය කළේය.

වරහන් වලින් දැක්වෙනුයේ වීසා නොමැතිව යා හැකි රටවල් ගණනයි.