ලංකාවට ආ දෙන්නා සී.අයි.ඩියට


නීති විරෝධී ලෙස ඩුබායි හි රැදී සිටි ශ්‍රී ලාංකික කාන්තාවක හා පිරිමි පුද්ගලයෙකු  එරටින් පිටුවහල් කරනු ලැබ  අද  මෙරටට  පැමිණ සිටියදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙනු ලැබීය.

මින්   පිරිමි පුද්ගලයා හැදල වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු මීට වසර හතරකට පෙර රැකියාවක් සඳහා ඩුබායි රටට ගොස් ඇත. ඔහුට ලබා දී තිබු  වලංගු වීසා කාලය වසරක්  උවද වැඩිපුර  තවත් වසර තුනක් එරට රැදී සිට ඇති බව අනාවරණය වී ඇත.

කාන්තාව දළුගම කැළණිය ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇය සංචාරක වීසා ලබා ගෙන පසුගිය වසරේ අගෝස්තු 13 වෙනි දින ගෘහ සේවිකා වෘත්තිය සඳහා මෙරටින් පිටත්ව ගොස් ඇති අතර ඇයද තම වීසා කාලය ඉතුත් වු පසුත්  එරට රැදී සිටීම නිසා මෙරටට පිටුවහල් කර ඇති බව වාර්ථා වෙයි.