ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් ලොව ඇතැම් රටවල් සිදුකරන අතපෙවීම් හෙළා දකින්නේයැයි චීනය කියයි.
චීනයේ විදේශ අමාත්‍ය ප්‍රකාශිකා හුවා චුන්ග්යින්ග් පසුගියදා පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් මේ බව පැවසුවාය.
ශ්‍රී ලංකාවට රටේ අභ්‍යන්තර ගැටලූ විසදාගැනීමේ හැකියාවක් තිඛෙන බවත් එනිසා ඇතැම් රටවල් සිදුකරන අතපෙවීම් වලට විරෝධතාවය පෑමට ශී්‍රලංකාවට අයිතිය ඇතැයි චීනය පිළිගන්නා බවත් ඇය කීවාය.
විශේෂයෙන් මානව අයිතිවාසිකම් මුල් කරගනිමින් ශ්‍රී ලංකාවට බලපෑම් එල්ල කරන ඇතැම් රටවල් කෙරෙහි චීනයේ කිසිදු ප්‍රසාදයක් නැති බවත් ඇය පැවසුවාය.
ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස් හා චීන අගමැති ලි යුවන්චෝ හා චීන විදේශ අමාත්‍ය වැන්ග් ලී අතර පසුගියදා චීනයේදී හමුවක්ද පැවැත්වුනි.
එහිදී ශී්‍රලංකාවේ ප්‍රගතිය ගැන ඔවුන් දැනුම්වත් කර තිඛෙන අමාත්‍යවරයා 2014 වසර අවසානය වන විට චීනය හා ශ්‍රී ලංකාව එළැඹ තිඛෙන නිදහස් වෙළද ගිවිසුම් වල කටයුතු අවසානයක් කළ යුතුයැයිද පෙන්වා දී තිබේ.ඔහුගේ අදහස වී ඇත්තේ අපේක්ෂිත ආර්ථීක සංවර්ධන ඉලක්කයන් කරා යාමට ශ්‍රී ලංකාවට දැන් හැකියාව ඇති බවයි.
අමාත්‍යවරයාගේ අදහස පිළිගෙන ඇති චීන අගමැතිවරයා හා විදේශ ඇමතිවරයා ඉදිරියටත් චීනයේ සහය ශ්‍රී ලංකාවට ලැඛෙනු ඇතැයිද සහතික කර තිබේ.

