ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝගය ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය නිල වශයෙන් ඒකාධිපති රාජ්‍යයක් බවට පත්වීයැයි එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන ඒකකයේ ප්‍රධානී මන්ත්‍රී මංගල සමරවීර මහතා කොළඹදී පැවසීය.
ශ්‍රී ලංකාව රොබට් මුගාබේගේ සිම්බාබ්වේ රටේ තත්ත්වයට ඇද දමා ඇතැයි ද නිදහස් ජනමාධ්‍ය හා සිවිල් සමාජය මර්දනය කර ඒකාධිපති ගමණට ප්‍රධාන බාධකය වූ ස්වාධීන අධිකරණය විනාශ කර ඇතැයි ද ඔහු කීවේය.

