ලංකාව තමිල්නාඩු ධීවරයන් බේරා ගනියි


තලේමන්නාරමට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ට්‍රෝලර් යාත්‍රාවක සිටි ඉන්දීය ධීවරයින් තිදෙනකු බේරාගත් බව නාවික හමුදාව කියයි.

එම යාත්‍රාවේ ධීවරයින් තිදෙනා තලේමන්නාරම නාවික හමුදා කඳවුර වෙත රැගෙන ආ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් ඉන්දික සිල්වා මහතා කීය.

මෙලෙස බේරාගෙන ඇත්තේ රාමේෂ්වරම් හි පදිංචි ධීවරයින් තිදෙනෙක් වන බවත් ඔවුන් වයස අවුරුදු 50, 53, 56 යන වයස්වල පදිංචිකරුවන් බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් යාපනය අනලතිවු දූපත ආසන්නයේ දී ඉන්දීය ධීවරයින් 9 දෙනකු සහ ට්‍රෝලර් යාත්‍රා දෙකක් මීට දින කිහිපයකට ඉහතදී බේරාගත් බව නාවික හමුදාව කියයි.