(අංජුල මහික වීරරත්න)
කොරෝනා වසංගතයේ උග්‍රතම තත්ත්වයට ළඟා වූ රටක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරි සතිය වන විට ‘රතු ලැයිස්තුවට‘ ඇතුළත් කරනු ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති හිටපු පාර්ලිමේන්තු සමන් රත්නප්‍රිය මහතා පැවසීය.
මේ තත්ත්වය හේතු කරගෙන මෙරට සිටින මහා පරිමාණ විදෙස් ව්‍යාපාරිකයන්, ශ්‍රී ලාංකේය ධනවත් ව්‍යාපාරිකයන් මෙන්ම ද්විත්ව පුරවැසියන් ද රටින් පිටව යාමට පටන් ගෙන ඇතැයි ගුවන්තොටුපළ ආගමන විගමන පරිගණක දත්ත පෙන්වා දෙතැයි ද සමන් රත්නප්‍රිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය .
දැනට ශ්‍රී ලංකාවේ උග්‍ර තත්ත්වයට පත්ව තිබෙන කොරෝනා වසංගතයට අමතරව Black fungus (කළු දීලීර)වසංගතයක් ද ඉන්දියාව හරහා මෙරටට පැමිණීමේ අවදානමක් උද්ගත වී පවතින බවද රත්නප්‍රිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
රට පුරා පැතිර ගොස් තිබෙන කොරෝනා වසංගතයට විසඳුමක් දීමට නොහැකිව සිටින රාජපක්ෂ ආණ්ඩුවට මේ වසංගතයට කෙසේ මුහුණදේවි දැයි සිතා ගන්නට බැරි බව ද සමන් රත්නප්‍රිය මහතා පැවසීය .

