
(ක.ග.කරුණරත්න)
පොලොන්නරුව දිස්ත්‍රික්කයට අයත් ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොරෝනා රෝගීන් විශාල පිරිසක් හමුවී ඇති බවට සහ සෞඛ්‍ය බලධාරින් විසින් එම ප්‍රදේශයට සංචරණ සීමා පනවා ඇති බවට පැතිරයන කටකථාවල කිසිදු සත්‍යතාවක් නැතැයි පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය කියයි.
ලංකාපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් ගැමුණුපුර ප්‍රදේශයේ එකම පවුලේ 04 දෙනෙකු සහ ඒ නිවෙස අසල පිහිටි වෙනත් නිවසක පදිංචි කාන්තාවක ඇතුළු 05 දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන මේවන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඒ හැර වෙනත් කිසිදු රෝගියෙකු මෙතෙක් හමුවි නැතැයි පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ,වෛද්‍ය ඩබ්ලිව්.කේ.එස්.කුමාරවංශ මහතා පැවැසීය.
එම රෝගීන් හමුවී ඇත්තේ කන්දකාඩුව මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ මධයස්ථානයෙන් කොරෝනා වයිරස ආසාදිතයින් පොකුරු හමුවීමෙන් පසුව ඒ ආශ්‍රිතයින් සම්බන්ධයෙන් සෞඛ්‍යය අංශ සිදුකල පරීක්ෂණවලදී යැයිද ඒ මහතා කීය.
එම නිසා සමාජය තුල මහජන කැළඹීමක් හෝ අනවශ්‍ය බියක් ඇතිකරවන අන්දමේ කඩාකප්පල්කාරී ප්‍රකාශ හෝ පඩිවුඩ නිකුත් පුද්ගලයින්ට විරුද්ධව රජය නීති මගින් ක්‍රියා කරන බවත් එම අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා සඳහන් කලේය.

