ලංකාදීපය තන්තිරිමලේ ආලෝක කරයි


ලංකාදීප පත්‍රය 12 වැනි වතාවටත් මහවැන මැද ඵෙතිහාසික තන්තිරිමලේ පුදබිමේ පවත්වන ආලෝක පූජාව මින් මද වේලාවකට පෙර විවෘත විය.

ඇමැති පී. හැරිසන්, ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන, අනුරාධපුර මහ දිසාපති ඩී.පී.ජී. කුමාරසිරි , මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය සභාපති පී.බී.එන්.ජයසුන්දර, විජය පුවත්පත් සමාගමේ උප සභාපති සුජාන් විජයවර්ධන, ලංකාදීප ප්‍රධාන කර්තෘ හා අධ්‍යක්ෂ සිරි රණසිංහ මහත්වරු ආලෝක පූජාව විවෘත කිරීමට එක්වූහ.

ඒ අවස්ථාවේ දහස් ගණනක් උවසු උවැසියෝ සාධුකාර දුන්හ. ගල් තලාවේ පසෙකින් පොසොන් සඳ මෝරා එමින් තිබිණ. මල්වතු ඔය ශිෂ්ටාචාරයේ කේන්ද්‍රය වශයෙන් තන්තිරිමලේ සැලකේ. අපවත්වී වදාළ කුඩාකෝන්ගස්කඩ ඥානවිමල නාහිමියන් දශක ගණනාවකට පෙර මහ වැන මැද පිහිටි මෙම පුදබිම හා අවට ප්‍රදේශය ජනාවාසයක් බවට පත් කිරීමට මුල් වූහ.

අද පිංකම පැවතියේ තන්තිරිමලේ මහා විහාරාධිපති තන්තිරිමලේ චන්දරතන නාහිමියන්ගේ මග පෙන්වීම අනුවයි. පොසොන් පොහෝදා ආලෝක පූජාවේ අවසන් දිනයයි.

DSC_7930 DSC_7932 DSC_7957 DSC_7965 DSC_7993 DSC_8000 DSC_8009 DSC_8011 DSC_8013

DSC_8475 DSC_8530 DSC_8546 DSC_8571 DSC_8582 DSC_8602 DSC_8939